Monday, November 11, 2024

General line - 0115112241

විදෙස් විනිසුරුවරුන් අවශ්‍යයි - චන්ද්‍රිකාගෙන් ප‍්‍රකාශයක්




යුද සමයේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු විභාගවල දී විදෙස් විනිසුරුවරුන්ගේ සහය ලබාගැනීම ගැටළුවක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. 

ඇය කියා සිටියේ විදෙස් විනිසුරුවරුන්ගේ සහය ලබාගන්නැයි දෙමළ ජනතාව සිදු කරන ඉල්ලීම සාධාරණ බවයි. 

තමා මෙම ප‍්‍රකාශය සිදු කරන්නේ සාධාරණය පදනම් කරගෙන බවයි හිටපු ජනාධිපතිනිය කියා සිටියේ. 
 
හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පල කළේ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.