Tuesday, May 7, 2024

General line - 0115112241

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට තියුණු ජයක්




ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රීයේ පැවති තරගයෙන් ලකුණු කඩුලූ 02ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සමත් වුණා. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 05කට ලකුණු 195යි. ආරොන් ෆ්‍රින්ච් පන්දු 39කදී ලකුණු 69යි. 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04ක් අවසානයේ කඩුලූ 08ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. 

ජයග්‍රහණයේ නියමුවා වූ ශ්‍රීයාස් අයියර් පන්දු 57කදී ලකුණු 96යි. මෙම ජයග්‍රහණයත් සමග ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 06වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.