Wednesday, May 8, 2024

General line - 0115112241

මැතිව්ස්ගේ දිල්ලි පිලට තවත් ජයක්




අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය අත්කර ගැනීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 7 කින් පරාජයට පත්වුයේ රයිසින් පුනේ කණ්ඩායමයි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 168 ක් රැස් කළා.

එම ඉලක්කය හඹා ගිය රයිසින් පුනේ කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 7 ක් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 161 ක් පමණයි. 

මෙවර අයි පී එල් තරගාවලියේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම වාර්තා කළ 6 වන ජයග්‍රහණයද මෙය වනවා.