Tuesday, May 7, 2024

General line - 0115112241

අයි පී එල් තවත් තරග දෙකක් අද 




අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (14) පැවැත්වෙනවා. 

එක් තරගයක් පැවැත්වෙන්නේ රයිසින් පුනේ කණ්ඩායම සහ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම අතරයි. 

තරගාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම කණ්ඩායම් දෙකටම අද තරගය අතිශය වැදගත්.
 
අනෙක් තරගය පැවැත්වෙන්නේ දිල්ලි ඩෙයර්ඩෙවිල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අද අවසන් වනවා. 

ඒ අනුව අද තරගයේ ජය පරාජය මෙම කණ්ඩායම් දෙකට එතරම් වැදගත් වන්නේ නැහැ.