Sunday, September 8, 2024

General line - 0115112241

යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් සමුගත් තරගය ඉතිහාසයත වෙයි 




පකිස්තානයෙන් බිහි වූ විශිෂ්ට ක‍්‍රීඩකයින් දෙදෙනෙකු වන මිස්බා උල් හක් සහ යුනිස් ඛාන් ක‍්‍රිකට් පිටියට සමුදුන් අවසන් තරගය වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා. 

පකිස්තානය ඊයේ පැවති මෙම තරගය ලකුණු 101කින් ජයගත් අතර තරගාවලිය ද 02ට එකක් ලෙස ජය ගැනීමට සමත් වුණා. 

ඒ අනුව එය ඉතිහාසයට එක්වුණේ පකිස්තාන කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ලබාගත් පළමු ටෙස්ට් ජයග‍්‍රහණය ලෙසයි. 

තරගය ජය ගත්තද අවසන් තරගයේ වීරයා සම්මානය හිමි වුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ රොස්ටන් චෙස් හටයි. 

ඒ, පකිස්තානයේ ජයග‍්‍රහණය පමා කරමින් දිනයේ අවසානය තෙක්ම තරගය ගෙන යමින් නොදැවී රැස් කළ විශිෂ්ට ශතකය හේතුවෙන්.