Sunday, September 8, 2024

General line - 0115112241

මෝදිගේ කතාවෙන් මුරලි පුදුම වෙලා




ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය දා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පුදුම වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ලොව විශාලතම රටෙහි නායකයෙකුට තමන්ගේ නම සිහිවීම තමන් පුදුමයට පත් කළ බවයි.

"ඇත්තටම මගේ නමත් එක්ක මගේ රටේ අනන්‍යතාවය ඉදිරියට යෑම පිළිබඳව මට ගොඩක් ආඩම්බරයි. මට ඉන්දියාවත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. මොකද මගේ බිරිඳත් දකුණු ඉන්දීය කාන්තාවක්. ඇත්තටම ඉන්දියාව අපේ ලොකු අයියා වගේ. අපේ රටවල් දෙක අතර සබඳකමක් තිබීම ගොඩක් වටිනවා. මෝදි අගමැතිතුමා ඉන්දියාවේ ජනතාව වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ නායකයෙක්. මේ නිසා ඔහු ලොව බොහෝ රටවල ප්‍රසාදයට ලක්ව තිබෙනවා." යනුවෙන් එහිදී ඔහු සඳහන් කර තිබෙනවා.