කලක් තිස්සේ පවතින ඉන්දු - පාකිස්තාන කි‍්‍රකට් ගැටුම විසදන්නැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශී‍්‍ර ලංකාවේ සංචාරයට පැමිණි අවස්ථාවේදී තමන් මෙම ඉල්ලීම කළ බවයි Neth Sportsman වෙත අදහස් දක්වමින් තිලංග සුමතිපාල පැවසුවේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයා එහිදී පවසා ඇත්තේ දේශපාලන ගැටලූ හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර මෙම කාල සීමාවේදී ඍජු කි‍්‍රකට් තරගාවලියක් පැවැත්වීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.
දේශපාලන ගැටලූ පසෙකින් තබා කී‍්‍රඩාවට මුල්තැන දීමට මධ්‍යම රජය දැනුවත් කරන ලෙසද ඉන්දිය අග්‍රාමාත්‍යවරයාට තිලංග සුමතිපාල මෙහිදී සදහන් කර තිබෙනවා.
මෑත කාලයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර තරග පැවැත්වෙන්නේ ලෝක කුසාලන තරගාවලියක හෝ ආසියානු කුසලාන තරගාවලියක පමණයි.
එම රටවල තරග පැවැත්වීමට දෙපාර්ශ්වයම එකග නොවන්නේ නම් ඉන්දු - පාකිස්තාන කි‍්‍රකට් තරගාවලියක් ඩුබායි හිදි සංවිධාන කිරීමට අවධානය යොමු කරන්නැයි මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා.
ඩුබායි හිදි එම තරගාවලිය පැවැත්වීමට නොහැකි නම් ඊට සත්කාරකත්වය ලබාදීමට ශී‍්‍ර ලංකාව සූදානම් බව තමන් එහිදී සදහන් කළ බවයි තිලංග සුමතිපාල මහතා Neth Sportsman වෙත වැඩිදුරටත් පැවසුවේ.