Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව මැලේසියාවේදී අරාබියට පහරදෙයි




මැලේසියාවේ පැවැත්වෙන ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ සිය දෙවන ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව අද (17) සමත් වුණා.

එ් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පරාජය කරමින්. ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 33ට 17ක් ලෙසයි.

එහිදී උත්සහ දිනුම් 2කින්, ගෝල දෙකකින් සහ දඬුවම් පහරකින් ශී‍්‍ර ලංකාව ලකුණු 33 වාර්තා කර තිබුණා.

ශී‍්‍ර ලංකාව පළමු තරගයේදී පිලිපීනය පරාජය කළේ ලකුණු 24 ට 13ක් ලෙසයි. ශී‍්‍ර ලංකාව සහභාගි වන මීළඟ තරගය ලබන 20 වැනිදා සත්කාරක මැලේසියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.