Sunday, September 8, 2024

General line - 0115112241

හොඳම කණ්ඩායම කුසලානය හඹා යන්න පිටත් වෙයි (PHOTOS)




ශූරයන්ගේ කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (18) පෙරවරුවේ දිවයිනෙන් නික්ම යනවා.

ඇන්ජිලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට ක‍්‍රීඩකයින් පහලොස් දෙනෙකු ඇතුළත්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සඳහන් කළේ ඉකුත් කාලයේදී ක‍්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක් වුව ද මෙවර තරගාවලියට හොඳම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට හැකිවී ඇති බවයි.

මෙවර තරගාවලිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම තබා ඇති බලාපොරොත්තු පිළිබඳව ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල අදහස් දැක්වූවා. 

එහිදී ඔහු සඳහන් කළේ මෙම කුසලානය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අවශ්‍ය සියලු පසුබිම මේ වන විට සකස් කර ඇති බවයි.