ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාට සිය ධුරය අත්හැරීම සදහා ඉඩ ලබාදෙමින් එරට ආණ්ඩුව විශේෂ පනතක් අනුමත කර තිබෙනවා.
අසූතුන් හැවිරිදි අකිහිතෝ අධිරාජ්‍යයා පසුගිය වසරේ ප්‍රකාශ කළේ තම වයස සහ සෞඛ්‍ය තත්වය රාජකාරී ඉටු කිරීමට බාධාවක් වී ඇති බවයි.
නමුත් ඔහුට කිරුළ අත්හැරීම සදහා ජපානයේ පවතින නීතිය අනුව අවසරයක් හිමි වන්නේ නැහැ.
ඒ සදහා අවසරය ලැබෙන පරිදි කෙටුම්පත් කර ඇති නව පනත කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.