Friday, September 20, 2024

General line - 0115112241

බැසිල් සමග නාමලුත් කඩුවෙල උසාවියට




පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණ සංකීර්ණයට රැගෙනවිත් තිබෙනවා.

අද උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියමවූ නාමල් රාජපක්ෂ මහතාද කඩුවෙල උසාවිය වෙත නීතිඥයෙකු ලෙස පැමිණි අයුරු දක්නට ලැබුණා.

එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු සජිත් තිලකරත්න පැවසුවේ විශේෂ ආරක්ෂාවක් යටතේ ඒ මහතා අධිකරණ සංකීර්ණයට රැගෙන ආ බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, පවිත‍්‍රා වන්නිආරච්චි සහ සී.බී. රත්නායක යන මහත්ම මහත්මීන් ද අධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙනවා.

image-0-02-01-b93bb99a4cf28a7dd7887a0ba741e0f7ac987c296dfaca6ccd16650fcb6b49e2-V

 

සබැඳි පුවත්

නාමල්ට ඇප