Saturday, April 27, 2024

General line - 0115112241

ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් විපතට පත්වූවන්ට සහ රටට සෙත් පතා සෝමාවතී සෑ රද වන්දනා මහා පිංකමට එක්වෙයි




ආපදා නිසා මිය ගිය අයට පිං පැමිණවීමට, විපතට පත්වූවන්ට සහ රටට සෙත් පැතීමට නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ සෝමාවතී සෑ රද වන්දනාව ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (27) සිදු කෙරුණා.

ඊට සහභාගි වූ සැදැහැවතුන් කිහිප දෙනෙක් සිය අදහස් පළ කර සිටියා. 

මේ අතර විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් ඇරඹුණු නෙත් එෆ් එම් දිරිය නෙත් සමාජ සත්කාරය සඳහා මේ වනවිට ඉහළ ප‍්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

පරිත්‍යාගශීලීන්ගේ ආධාර භාර ගැනීමට මධ්‍යස්ථාන කිහිපයක් විවෘතයි.

කොල්ලුපිටිය පස් වන පටුමග, අංක 105/3 දරණ ස්ථානයේ පිහිටි නෙත් එෆ් එම් ප‍්‍රධාන කාර්යාලයේ දී ආධාර භාර ගැනෙනවා.

බත්තරමුල්ල ආර්පිකෝ සුපර් සෙන්ටර් ආයතනයට යාබද ට‍්‍රැවල් නෙත් කාර්යාලයට ද ඔබේ ආධාර භාර දිය හැකියි.

දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සහ කඩවත බිම්බාරාම විහාරස්ථානයේදී ද නෙත් එෆ් එම් දිරිය නෙත් සමාජ සත්කාරය වෙනුවෙන් ආධාර එකතු කෙරෙනවා.

ගාල්ල, කළුවැල්ල , වර්ණපාල සහ සහෝදරයෝ ආයතනයේ සහ මාතර පල්ලිමුල්ල මනම්පේරි ෆූඞ් සෙන්ටර් ආයතනයේ ද ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන විවෘතයි. 

මූල්‍යාධාර සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ 000 460 002 117 දිරිය නෙත් ගිණුමට බැර කළ යුතු වනවා.

මේ පිළිබඳ වැඩි විස්තර 077 200 18 65 දුරකථන අංකයට අමතා දැන ගත හැකියි.

 

----------------------------------

විපතට පත්වූවන්ට සහ රටට සෙත්  පතා සෝමාවතී සෑ රද වන්දනා මහා පිංකම අද 

(2017-05-27 19:50)

ආපදා නිසා මිය ගිය තැනැත්තන්ට පිං අනුමෝදන් කිරීමත් විපතට පත්වූවන්ට සහ රටට සෙත් පැතීමත් සඳහා නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන සෝමාවතී සෑ රද වන්දනා මහා පිංකම මේ වනවිට පැවැත්වෙනවා. 

ඒ පිළිබඳ තොරතුරු සෝමාවතී පුද බිමේ සිට නෙත් එෆ් එම් විශේෂ නියෝජ්‍ය නියෝජිත දර්ශන බණ්ඩාර අදහස් දැක්වුයේ මෙලෙසින්.