ගං වතුර මට්ටමට පැමිණි ප‍්‍රධාන ගංඟාවල ජල මට්ටම බොහෝ ස්ථානවලදී මේ වනවිට අඩු වෙමින් තිබෙනවා.
කැළණි ගගේ ජල මට්ටම ග්ලේන්කොස් , හොලොම්බුව, දැරණියගල, කිතුල්ගල සහ නෝර්වුඞ් යන ප‍්‍රදේශවලදී සාමාන්‍ය මට්ටම දක්වා අඩු වී තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පස්වරු 3.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
හංවැල්ල ප‍්‍රදේශයේදී කැළණි ගඟ තවමත් සුළු ගං වතුර මට්ටමේ පවතිනවා. නාගලගන්වීදීය ප‍්‍රදේශයේදී එහි ජල මට්ටම වැඩි වෙමින් තිබෙන බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.
කළු ගගේ ජල මට්ටම රත්නපුර, මිල්ලකන්ද සහ පුටුපාවුල යන ජල මාපක තුනටම අනූව පවතින්නේ මහ ගං වතුර මට්ටමෙයි.
කෙසේ වෙතත් රත්නපුර සහ මිල්ලකන්ද යන ප‍්‍රදේශවලදී එහි ජල මට්ටම අඩු වෙමින් තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
ගිං ගගේ ජල මට්ටම බද්දේගම ප‍්‍රදේශයේදී මහ ගං වතුර මට්ටමේ පවතින අතර එය තවදුරටත් ඉහළ යමින් තිබෙනවා.
තවලම ප‍්‍රදේශයේදී ද ගිං ගඟ මහ ගං වතුර මට්ටමේ පැවතියත් එහි ජල මට්ටම ක‍්‍රමයෙන් අඩු වෙමින් තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පස්වරු 3.30ට නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
අත්තනගලූ ඔයේ ජල මට්ටම ද ක‍්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා.