Saturday, April 27, 2024

General line - 0115112241

දිරිය නෙත් ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන




නෙත් එෆ් එම් දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහනට ලබාදෙන ඔබේ අධාර එකතු කිරීම ස්ථාන කිහිපයකදී මේ වනවිට අරඹා තිබෙවා. එම මධ්‍යස්ථාන පහතින් දැක්වෙනවා.

දිරිය නෙත් ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන


01.    බම්බලපිටිය දුම්රියපොළ අසළ  ඕෂන් ගොඩනැගිල්ලේ නෙත් එෆ්. එම්. මෙහෙයුම් කාර්යාලය.
02.     කොල්ලූපිටිය 05 වන පටුමගේ අංක 105/3හි පිහිටි නෙත් එෆ්.එම්. ප‍්‍රධාන කාර්යාලය. 
03.    බත්තරමුල්ල ආර්පිකෝ සුපර් සෙන්ටර් අසල ට‍්‍රැවල් නෙත් කාර්යාලය. 
04.    ලංකාවේ සියලූ දුම්රිය ස්ථාන (නෙත් එෆ්.එම්. දිරිය නෙත් සමාජ සත්කාරය ලෙස සටහන් කළ පාර්සල් හෝ අසුරණ පමණක්)
05.    ගලිගමුවේ ඥාණදීප හිමි වැඩ වෙසෙන අතුරුගිරිය සිරි සදහම් පදනම. 
06.    වල්පොල ගෝතම හිමියන් වැඩ වෙසෙන පිළියන්දල පිඟන් සංස්ථාව පාරේ ශාන්ති නිකේතනය. 
07.     කිරිම විමලජෝති හිමියන් වැඩ වෙසෙන දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය.
08.    කඩවත නගර මධ්‍යයේ පිහිටි ශ‍්‍රී බිම්බාරාම විහාරස්ථානය. 
09.    ගාල්ල, කළුවැල්ල , වර්ණපාල සහ සහෝදරයෝ ආයතනය. 
10.    මාතර පල්ලිමුල්ල මනම්පේරි ෆූඞ් සෙන්ටර් ආයතනය. 
11.    මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි තුන්වන මහලේ පිහිටි ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානය. 
12.    නුගේගොඩ පොදු වෙළඳ සංකීර්ණය අසළ නවතා ඇති නෙත් එෆ්. එම්. ජංගම රථය.

13. පානදුර පල්ලෙමුල්ල සිරි නිවාසාරාමය.

ඉහත සඳහන් මධ්‍යස්ථාන වෙත ඔබේ ආධාරයන් රැගෙනවිත් බාර දෙන්න.

 

බත්තරමුල්ල ආර්පිකෝ සුපර් සෙන්ටර් අසල ට‍්‍රැවල් නෙත් කාර්යාලයට නෙත් ශ්‍රාවකයින් ආධාර ලබා දෙන අයුරු