අපදාවන්ට මුහුණ පා ඇති ප්‍රදේශයන්හි පාසැල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය අදාළ පාසල් වල විදුහල්පතිවරුන්ට පැවරීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.
අපදාවන් හේතුවෙන් තම පාසලට එල්ලවන බලපෑම සහ අවදානම් තත්ත්වයන් පිළිබඳ අවදානය යොමු කරමින් විදුහල්පතිවරුන්ට මෙම තීරණය ගැනීම අවසරය ලබා දී ඇත. එමෙන්ම අදාල තීරණය පිළිබඳ පළාත් පාසලක් නම් පළාත් හෝ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ජාතික පාසලක් නම් ජාතික පාසල් අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
විපතට පත් වු පාසල් දරුවන්ගේ වාර්ථාවක් ලබාගෙන ඔවුනට අවශ්‍ය පෙළපොත්,නිලඇදුම් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහාත්,අවශ්‍ය සෙසු සහන සැලසීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.