Friday, September 20, 2024

General line - 0115112241

මාතර ඉන්ධන හිඟයක් සමග කිඹුල් බියක්




මාතර පිටබැද්දර ඇතුළු ආපදාවට පත් ප‍්‍රදේශවල මේ වනවිට ඉන්ධන හිගයක් පවතින බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. කඩ සාප්පු වසා තැබීම හේතුවෙන් ගංවතුරට හසු නොවූ පවුල් සඳහා ද ආහාර පාන සපයා ගැනීමේ ගැටළුවක් ද උද්ගත වී තිබෙනවා. මාතර දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් හැට දහසකට පමණ ජල සැපයුම ද අක‍්‍රීය වී ඇතැයි එම නිවේදනයේ ස`දහන්. 


නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමග කිඹුලන්ගේ පහරදීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසටයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.