පසුගිය දින කිහිපයේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා අයගම ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට අමාත්‍ය දයා ගමගේ අද (28) දින විශේෂ වෛද්‍ය කණ්ඩායමක් සමඟ ගුවනින් කලවාන රෝහල වෙත පැමිණියා.
සෑම ප්‍රවේශ මාර්ගයක්ම ජලයෙන් අවහිර වී ගං වතුරට කොටු වී සිටින මෙම ජනතාවගේ සුවදුක් විමසීමට ලඟා වුණු පළමු සහන කණ්ඩායම මෙයයි. එහිදී රෝහල් ගත වී සිටි අසාධ්‍ය රෝගීන් හා ගර්භනී මවුවරුන් සියලු දෙනා අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් තම පෞද්ගලික හෙලිකොප්ටරයෙන් රත්නපුර මහ රෝහල වෙත ගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයන ලදී.
පැය කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදුන අමාත්‍යතුමන් කලවාන හා අයගම ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කල අතර ජනතාවගේ මූලික ආහාර හා සෞඛ්‍ය අවශ්‍යතා සපයා දීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.