Friday, September 20, 2024

General line - 0115112241

ලංකාවට බලපෑ 'මෝරා' බංග්ලාදේශයට ඇතුළු වෙයි




ශ‍්‍රී ලංකාවට බලපෑම් ඇති කළ මෝරා සුළු කුණාටුව මේ වන විට බංග්ලාදේශයට ඇතුලු වි තිබෙනවා.

මේ නිසා හෙටින් පසු ශ‍්‍රී ලංකාවට මහ වැසි ක‍්‍රමයෙන් අඩුවනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය සඳහන් කළේ අද දවසේ ද වැසි සහිත කාලගුණයක් දිවයිනේ නිරිතදිග කොටසෙන් අපේක්ෂා කෙරෙන බවයි.

කෙසේ වෙතත් අද (30) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ ද ඇකැම් ප‍්‍රදේශවලට මහ වැසි ලැබී තිබෙනවා.