Friday, September 20, 2024

General line - 0115112241

ගංවතුර බැස ගියත් නිවාසවලට යන්න එපා




මහ වැසි සමග දිස්ත‍්‍රික්ක ගණනාවකට බලපා තිබූ ගංවතුර තත්ත්වය පහව යමින් පවතින බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ බොහෝ ප‍්‍රධාන මාර්ගවල මේ වන විට ප‍්‍රවාහන කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවයි. නමුත් අතුරු මාර්ගවල තවදුරටත් ප‍්‍රවාහන කටයුතු සඳහා බාධා පවතිනවා. 

මහ වැසි තරමක් අඩු වුවද ආපදා අවදානම තවමත් පහව ගොස් නැතැයි ආපදා කළමණාකරණක මධ්‍යස්ථානය පැවසුවා.

එහි සහකාර අධ්‍යයක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පෙන්වා දෙන්නේ ගංවතුර බැස ගියද අවධානම් තත්ත්වයේ පසු වූ ගංගා ආශ්‍රිත පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාව නිවාස කරා ගමන් කිරීම තවදුරටත් අවධානම් බවයි. එමෙන්ම ගංවතුරට හසුවූ නිවාස වෙත එකවර ඇතුලු වීමට කටයුතු නොකරන මෙන්ද ඉල්ලීමක් කෙරුණා. 

දිස්ත‍්‍රික්ක 07කට නිකුත් කර ඇති ආපදා අනතුරු ඇඟවීම ද තවදුරටත් බලාත්මක බව මෙහිදී සිහිපත් කෙරුණා. 

දැනට තහවුරු වී ඇති වාර්තාවලට අනුව ආපදා හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 183ක් බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියා සිටියා.