Friday, September 20, 2024

General line - 0115112241

ගතවූ පැය විසි හතරේ වැඩිම වර්ෂාපතනය නෝටන් ප‍්‍රදේශයෙන්




අද (30) දහවල් එකෙන් අයසන්  වූ ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය නෝටන් ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. 

එය මිලිමීටර් එකසිය හයයි දශම 06ක්. 

මධ්‍යම පළාතේ ස්ථාන කිහිපයකින් ද ගිගිරුම් සහිත වැසි වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

බස්නාහිර සහ සබරගමු පළාත්වලද ස්ථාන කිහිපයක තද වැසි වාර්තා වී තිබෙනවා. 

සුළං වේගය ද පැයට කිලෝ මීටර් 40ක් පමණ වූ බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.