Friday, September 20, 2024

General line - 0115112241

ඉන්ධන පිරවුම්හල් 23ක් අක‍්‍රීයයි - ආපදාවට ලක් වූ ප‍්‍රදේශවලට ඉන්ධන බෙදාහැරීමට විශේෂ දුරකතන අංකයක්




ආපදාවට ලක් වූ ප‍්‍රදේශවල ඉන්ධන බෙදා හැරීමේ ගැටළුවක් හෝ ඉන්ධන හිගයක් ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 

ඒ අනුව 077 50 30 222 යන දුරකතන අංකය අමතා ඒ පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකියි. මෙම දුරකතන අංකය පැය 24 පුරා විවෘතයි. 

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ ආපදා තත්වය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 23ක් අක‍්‍රීය වී ඇති බවයි. 
දකුණු පළාතේ ඉන්ධන පිරවුම්හල් 11ක් සහ බස්නාහිර පළාතේ ඉන්ධන පිරවුම්හල් 07ක් ඊට අයත්. 

සෙසු ඉන්ධන පිරවුම්හල් සබරගමු පළාතට අයත් වනවා.

ඒවා යථා තත්වයට පත් කිරීම සඳහා මේ වනවිට ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.