Friday, September 20, 2024

General line - 0115112241

ආපදා මරණ 200 ඉක්මවයි - ළමුන් 44ක් ඒ අතර  




හදිසි ආපදා හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව මේ වනවිට 202ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

තවත් 96 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

විපතට පත්ව ඇති මුළු සංඛ්‍යාව හයලක්ෂ විසිනව දහස් 742ක්. 

ගාල්ල වදුරඹ ප‍්‍රදේශයේ කන්දක් නායයාමේ අවදානමක් හේතුවෙන් අවට පිරිස් ඉවත් කිරීම අද දිනයේ සිදු වුණා. 

මේ දක්වා සිදු වූ ආපදාවලින් මියගිය පිරිස අතර පාසල් ළමුන් 44 දෙනෙකු සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද ප‍්‍රකාශ කළා. 

ළමුන් අට දෙනෙකු අතුරුදන්ව සිටින බවයි කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා කියා සිටියේ.