Friday, September 20, 2024

General line - 0115112241

ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු මෙතනින් දැනගන්න




නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංශෝධනයක් අද (31) දිනයේ සිදු වීමට නියමිත බවට වාර්තා පල වනවා. 

ඒ අනුව අනෝමා ගමගේ, හර්ෂ ද සිල්වා, ඉරාන් වික‍්‍රමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා කරු පරණවිතාන යන නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් මේ වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. 

ඉකුත්දා සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව මෙම සංශෝධනය ද සිදු වනු ඇති. 

මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් මාධ්‍ය හමුව මේ වනවිට පැවැත්වෙනවා. 

ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නව නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු සහ අදාළ අමාත්‍යංශ පහතින්

ඉරාන් වික්‍රමරත්න - මුදල් රාජ්‍ය ඇමති
පාලිත රංගේබණ්ඩාර - වාරි මාර්ග රාජ්‍ය ඇමති
වසන්ත සේනානායක - විදේශ කටයුතු රාජ්‍ය ඇමති 
ලක්ෂ්මන් යාපා අබේවර්ධන - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
හර්ෂ ද සිල්වා - ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති
කරූ පරණවිතාන - නිපුනතා සංවර්ධන සහ වෘතීය පුහුණු නියෝජ්‍ය ඇමති 
රන්ජන් රාමනායක - සමාජ සවිබල ගැන්වීම් සහ කන්ද උඩරට සංවර්ධන නියෝජ්‍ය ඇමති