Thursday, September 19, 2024

General line - 0115112241

වැසි වැටුණත් බලාගාර ජලාශ තවමත් සියයට 50ක් හිස්




රට පුරා ප‍්‍රදේශ රැසකට ඉකුත් දිනවල මහ වැසි ඇද හැළුණ ද විදුලි උත්පාදනය සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටම තවමත් පවතින්නේ අඩු මට්ටමක බව විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යංශය පවසනවා. 

මේ එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන. 

කාසල්රී ජලාශයේ ජල මට්ටම මේ වන විට ඇත්තේ එහි ධාරිතාවයෙන් සියයට 57 යි දශම 9ක මට්ටමේයි. 

මාඋස්සා කැලේ ජලාශය ධාරිතාවයෙන් සියයට 52 යි දශම 8ක මට්ටමේ ද කොත්මලේ ජලාශය ධාරිතාවයෙන් සියයට 51 යි දශම 9ක මට්ටමේ පවතිනවා. 

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඇත්තේ ධාරිතාවයෙන් සියයට 28 යි දශම 5ක මට්ටමේයි. 

රන්දෙනිගල ජලාශයේ ජල මට්ටම ධාරිතාවයෙන් සියයට 39ක් ද සමනලවැව ජලාශයේ ජල මට්ටම එහි ධාරිතාවයෙන් සියයට 33 යි දශම 2ක් ද වනවා. 

කෙසේ වෙතත් ඉකුත් දින කිහිපයේදී ජල විදුලි උත්පාදනය තරමක් වැඩි වූ බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

වැසි සමයට පෙර ජල විදුලි උත්පාදනය ජාතික අවශ්‍යතාවයෙන් සියයට 14කටත් අඩු අගයක් දක්වා පහත වැටී තිබුණා.