Thursday, September 19, 2024

General line - 0115112241

අමාත්‍යංශ විෂයන් පනතකින්ම සම්මත කරන්නැයි ඇමතිවරයෙකුගෙන් යෝජනාවක්




එක් එක් අමාත්‍යංශයට අයත් විය යුතු ආයතන පාර්ලිමේන්තුව පනතක් ලෙසම සම්මත කළ යුතු බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. 

ඉකුත්දා සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු සංශෝධිත අමාත්‍යංශයවලට අදාල කාර්යයන් පිළිබඳ නෙත් නිවුස් කළ විමසූමකදී ඔහු මේ බව කියා සිටියේ. 

එක් එක් අමාත්‍යංශ යටතට ඒවාට නොගැලපෙන ආයතන පැවරීමෙන් අර්බුද රැසක් උද්ගත විය හැකි බව ද අමාත්‍ය දයාසිරි ජයසේකර මෙහිදී කියා සිටියා. 

ඉකුත් දා කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු අදාළ අමාත්‍යංශවලට අයත් ආයතන දැක්වෙන ගැසට් නිවේදනය තවමත් නිකුත් කර නැහැ. 

මේ අතර නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අද උදෑසන කළ විමසීමකදී මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර් එච් එස් සරමතුංග කියා සිටියේ පැවති අමාත්‍යංශයක් නම් නව ගැසට් නිවේදනය නිකුත් වන තෙක් මීට පෙර ගැසට් නිවේදනය යටතේ ඊට අයත්ව තිබූ සියලූ ආයතන ඒ යටතේම ක‍්‍රියාත්මක වන බවයි. 

නව අමාත්‍යංශයක් නම් නව ගැසට් නිවේදන නිකුත් කරන තෙක් එහි කටයුතු ජනාධිපතිවරයා යටතේ පවතින බව ද එහිදී ප‍්‍රකාශ කෙරුණා.