Monday, May 20, 2024

General line - 0115112241

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ තවත් තරගයක් අද




ශුරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ලන්ඩන්හි කෙනින්ටන්  ඕවල් ක‍්‍රීඩාංගණයේ දී අද (05) පැවැත්වෙනවා. 

ඒ,  ඕස්ටේ‍්‍රලියාව සහ බංග්ලාදේශය අතරයි. 

දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 7.00 ට ආරම්භ වනවා. 

බංග්ලාදේශය සහභාගී වූ පළමු තරගය එංගලන්තය කණ්ඩායම හමුවේ කඩුලූ 08කින් පරාජයට පත්වුණා.  

ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්යට එරෙහිව සහභාගී වූ පළමු තරගය විසඳුමකින් තොරව අවසන් වූයේ ඇද හැළුණු වර්ෂාව හේතුවෙන්. 

බංග්ලාදේශය සහ  ඕස්ටේ‍්‍රලියාව මෙවර ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ කිසිදු ජයග‍්‍රහණයක් වාර්තා කර නොමැති බැවින් අද තරගය දෙපිලටම තීරණාත්මක බවයි ක‍්‍රිකට් විචාරකයින් පවසන්නේ. 

බංග්ලාදේශය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර මේ දක්වා තරග 19ක් පවත්වා තිබෙනවා. 

ඉන් තරග 18ක්  ඕස්ටේ‍්‍රලියාව ජයගත් අතර බංග්ලාදේශය එක් තරගයක් ජය ගත්තා. 

එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ  ඕස්ටේ‍්‍රලියාවට දෙවන ස්ථානය හිමිව තිබෙනවා. 

බංග්ලාදේශය පසුවන්නේ එහි 07 වන ස්ථානයේයි.