Tuesday, September 17, 2024

General line - 0115112241

චීන තරුණියගේ නිරුවතට ලොල් වූ ලංකාවේ ෆේස්බුක් පෙම්වතාට වැඩ වැරදුණු හැටි!



ෆේස්බුක් පාදක කරගනිමින් නිර්මාණය වන විවිධ කතා පුවත් සමාජයේ අපට නිරන්තරයෙන් අහන්නට දකින්නට ලැබෙනවා.එයිනුත් ෆේස්බුක් ආදර සම්බන්ධතා වලට හිමිවන්නේ මුල් තැනක්.මෙයද නීතියේ පිහිට පැතීමෙන් කෙළවර වූ ෆේස්බුක් ආදර කතාවකි.

මෙරට ඇඟලුම් කම්හල් විශාල ප්‍රමාණයකට විවිධ අමුදුව්‍ය තොග වශයෙන් සපයන චීන ජාතික යුවළකි.සිය මව්රටේ ඔවුන් සතුව මෙබඳු අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන කම්හලකි.ඔවුන් අප රටේ ඇගලුම් කම්හල් වලට සැපයූවේ ඉන් ගෙනා නිෂ්පාදනයන්ය.මෙම යුවළ ඔවුන්ගේ ඥාති දියණියක් මෙහි ගෙන්වා ගෙන ඇත්තේ සිය මව් රටෙන් ඈත්වී සිටි නිසාත්,දරුවන් නොසිටි නිසාත්ය.පසුව ඇය මෙරට ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කළේය.

කාලයක් ගතවෙද්දි මෙම යුවතිය සමග ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය ඔස්සේ එක් තරුණයකු මිතුරු විය.ඔහු මුස්ලිම් ජාතිකයෙකි.ෆේස්බුක් චැට් ඔස්සේ ඔවුන්ගේ හාදකම දිනෙන් දින වර්ධනය විය.සම්බන්ධය ඉදිරියට ගියේය.මෙසේ කිසි දිනක සැබැවින් දැක නොතිබුණත් අවසානයේ ඔවුන් අතර ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනැගී තිබිණි.නමුත් තරුණයාගේ නම මිස ඔහුගේ පදිංචිය හෝ වෙනත් කිසිවක් පිළිබඳව දැන ගැනීමට තරුණියට වුවමනාවක් වූයේද නැත.

දිනක් ස්කයිප් හරහා ඇයට නිරුවත්ව හිඳින ලෙස ඔහු ඇගෙන් ඉල්ලා සිටියේය.මුලදී එයට අදිමදි කළත් පසුව යුවතිය ඊට එකඟවී තිබුණේ තරුණයාට ඇති ආදරය නිසාමය.කෙසේවෙතත් ආදරයේ නාමයෙන් යුවතියගේ නිරුවත වීඩියෝගත කර ගන්නට තරුණයා සමත් වූයේය.

ඇයගේ නිරුවත දුටු තරුණයාට ඇය හා කායිකව එක්වීමේ තදබල ආශාවක් ඇතිවිය. දිනක් නිවසේ කිසිවකු නොසිටි අවස්ථාවක් බලා යුවතිය මෙම පෙම්වතා නිවසට කැඳවා ගත්තේ ඔහු ඉන් පෙර කර තිබූ ඉල්ලීමකට අනුවය. මෙතෙක් ඔවුන් දැක තිබුණේ අන්තර්ජාලය ඔස්සේ පමණි. නමුත් සැබෑවටම ඔවුන් හමුවූයේ මේ මොහොතේදීය. මෙදා ඇය හා කායිකව එක්වීමට තරුණයා සමත් විය.

ඉන්පසු නැවත ඔවුනට හමුවීමට අවස්ථාවක් නොලැබුණේ  යුවතියගේ ලොකු අම්මාට මෙම සම්බන්ධතාවය පිළීබඳ දැනගන්නට ලැබී තිබු නිසාය.. දියණියගෙන් තොරතුරු විමසූ විට ඇය තමා දන්නා තොරතුරු සියල්ල ලොකු අම්මා හමුවේ හෙළි කළාය. දෙදෙනා අතර ඇති සංස්කෘතික නොගැළපීම් නිසා ඇයට මේ සම්බන්ධයට අනුමැතිය දීම කෙරෙහි සිත දුන්නේ නැත.එම නිසා මෙම සම්බන්ධය නතර කරන ලෙස ඇය තරුණියට අවවාද කළේය.

කෙසේ හෝ ලොකු අම්මා දුන් අවවාදය යුවතිය පිළිගත් තරුණිය ඔහු සමග අන්තර්ජාලය හරහා හමුවීමද නතර කර දැමුවාය. මින් කෝපයට පත් තරුණයා ඇගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට සියල්ල අන්තර්ජාලයට මුදා හරින බව කියමින් තර්ජනය කළේය. අවසානයේ ඔවුන්ට නීතියේ පිහිට පැතීමට සිදුවිය.

අන්තර්ජාලය ඔස්සේ ඔවුන් නිරන්තරව හමුවූවත් ඔහු පිළිබඳ පෞද්ගලික තොරතුරු කිසිවක් ඇය දැන සිට නැත.ඇය දැන සිටි එකම කාරණාව වූයේ ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සහ ඔහුගේ පියා වෛද්‍යවරයකු බව පමණකි.

නමුත් එක්තරා දිනෙක  ඔහු පිළිබඳ සුවිශේෂ තොරතුරක් ඇය ඇගේ පොතක සටහන් කරගෙන තිබිණි.

දිනක් ඇය මෝටර් රථයකින් ගමන් කරමින් සිටියාය.එහිදී තවත් මෝටර් රථයකින් ගමන් කරන තරුණයකු ඇයට දැක ගන්නට ලැබුණු අතර ඔහු තමන් හා සම්බන්ධතාවක් පැවැත් වූ තරුණයා බව ඇයට පසක් කර ගත හැකි විය.ඒ මොහොතේ නිකමට මෙන් ඔහු ගමන් කළ මෝටර් රථයේ අංකය ඇය තමන් අත වූ ‍පොතක සටහන් කර ගත්තාය. මෙය ‍පොලිසියට ඉදිරිපත් කිරීමට ඇයට හැකියාව ලැබිණි.‍

අනතුරුව සිදුකළ පොලිස් පරීක්ෂණ තුළින් අදාළ මෝටර් රථයේ හිමිකරු මෙම තරුණයා බවත් ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් තොරතුරු ලැබිණ.

පසුව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීම් වලදි තරුණයා සතුව තිබී මෙම තරුණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට සොයාගත හැක විය.පසුව එම පරිගණකයේ දෘඪකාංගය විනාශ කරනු ලැබූ අතර නඩු මගට නොගොස් දෙපිරිසේම එකඟත්වය මත පිරිස සමාදානය වූහ.යළි යුවතියට කිසිදු බලපෑමක් නොකර ඇගෙන් ඈත් වන්නටත් තරුණයාට අවවාද හිමිවිය.