Monday, May 20, 2024

General line - 0115112241

තරංග නොමැති ශ‍්‍රී ලංකා පිලේ සැලසුම් ගැන ගුරුසිංහ හෙළි කරයි




ඉන්දියාව සමඟ අනිද්දා පැවැත්වෙන තීරණාත්මක තරගයට නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් එක්වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. 

ලන්ඩන් නුවර සිට නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ උපුල් තරංගට තරග තහනමක් පනවා ඇති බැවින් කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල සමඟින් ශ‍්‍රී ලංකා ඉණිම ආරම්භ කරන බවයි. 

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ඉන්දියාව සහ පකිස්තානය සමඟ පැවැත්වෙන තරග ජය ගැනීම ශ‍්‍රී ලංකාවට වැදගත් බවයි ක‍්‍රිකට් විචාරකයින් පවසන්නේ.