Thursday, September 19, 2024

General line - 0115112241

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ අවසන් දිනය අදයි (UPDATE)




ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී අද (08) පැවැත්වෙන්නේ නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ අවසන් දිනයයි .

ඒ සඳහා අද උදෑසන සිටම සැදහැවතුන් විශාල පිරිසක් එක්ව සිටිනවා.

මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පුජා වැඩසටහන අද දවස පුරා ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී පැවැත්වෙනවා.

 

---------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සමගින් අද දවස පුරා පිංකම් රැසක් 

(2017 - 06 - 08 06:00)

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය තුන්වන දිනටත් ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී අද (08) පැවැත්වෙනවා. 

අදට යෙදී තිබෙන පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය හේතුවෙන් මහා ධාතු නමස්කාරය සඳහා අති විශාල සැදැහැවතුන් පිරිසක් මෙම පුද බිමට එක්රැස් වේ යැයි අපේක්ෂා කෙරෙනවා.

පොසොන් පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පුජා වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදීයි.

අද දවස පුරා ශීල, භාවනා, ධර්මදේශනා ආදී පිංකම් රැසක් එහි දී සිදු කිරීමටයි කටයුතු කර ඇත්තේ. 








 

--------------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දෙවන දිනය සැදැහැවතුන්ගෙන් පිරී යයි

(2017 - 06 - 07 20:20)

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දෙවන දිනය වන අද දිනයේ ද සැදැහැවතුන් විශාල පිරිසක් ඓතිහාසික තිස්සමහාරාම පුදබිමට පැමිණියා.

මේ පිළිබඳ තොරතුරු වාර්තා කළ නෙත් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහ සඳහන් කළේ අද දිනයේත් (07) මධ්‍යම රාත්‍රිය ඉක්මවා යන තුරුත් සැඳැහැවතුන්ට ධාතු නමස්කාරය සඳහා අවස්ථාව ලබා දෙනු ඇති බවයි.

මෙම පිං බිමේදී නෙත් එෆ් එම් සංවිධානය කළ තවත් පිංකම් රැසකටද එම ජනතාවට එක්වීමේ හැකියාවද පවතිනවා.

මේ අතර පොසොන් පුර පසලොස්වක පොහෝ දා නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන පැවැත්වෙන්නේ ද ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදීයි. 
 

--------------------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දෙවන දිනය අදයි

(2017 - 06 - 07)

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය දෙවන දිනටත් ඓතිහාසික තිස්සමහාරාම සෑ රදුන් අභියස දී අද (07) පැවැත්වෙනවා. ඒ අනුව උදෑසන 8.00 සිට සැදැහැවතුන්ට ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති.

සඳගිරි ස්ථූපයේ කැණිම් කටයුතු වලදී හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ නමස්කාර කිරීමේ අවස්ථාවද මෙහි පැමිණෙන සැදැහැවතුන්ට හිමිවනවා.