තමාගේ නිවෙසේද මදුරු කීට බෝවන ස්ථානයක් සෞඛ්‍ය පරීක්ෂකවරු කළ පරීක්ෂණවලදී හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ.එම්. ඩබ්. ජයසුන්දර පැවසුවා. ඔහු මේ බව පැවැසුවේ ඊයේ (06) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මදුරු කීට බෝවන ප්‍රදේශ හඳුනා ගැනීමේදී මහජනතාව ඒ පිළිබඳ සවිඥානික නොවුණහොත් එවැනි පරිශ්‍ර සිය ඇසින් මිදී යනු ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවා.
මේ නිසාම මහජනතාව ඩෙංගු උවදුරින් මුදා ගැනීම සඳහා මදුරු මර්දන තුන් මාසයක් ක්‍රියාත්මක කරන බවත් එම තුන් මාසයේදී ප්‍රකාශයට පත් කෙරෙන තෝරාගත් දිනවලදී රටේ සියලු ජනතාව එකම වේලාවකදී මදුරු මර්දනය සඳහා සක්‍රියව දායක විය යුතු බවද හෙතෙම පැවසුවා.
එම ඩෙංගු මර්දන ජාතික වැඩසටහනේදී සියලු පුරවැසියන් මේ සඳහා කැපවිය යුතු බවත් සිංහල - හින්දු අලුත් අවුරුද්දට සිංහල හෝ හින්දු බැතිමතුන් එකම වෙලාවකදී අදාළ චාරිත්‍ර කරන්නා සේම සංස්කෘතික නොවූ මේ වැඩසටහනට සියලු පුරවැසියන් දැනුම්දෙන එකම වේලාවකදී දායක විය යුතු බවද හෙතෙම සඳහන් කළා. එම අවස්ථාවේ මහ මඟ ගමන් කරන්නකු නම් ඒ අවට පවිත්‍ර කටයුතු කිරීමට එක්වන ලෙසද නිවෙසේ නම් නිවෙස ආශි්රතවද රාජකාරි කටයුත්තක නම් ඒ අවටද සිටින ඕනෑම ස්ථානයක සිට මේ කටයුත්තට දායක වන ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියා.