Monday, May 20, 2024

General line - 0115112241

එංගලන්තය ශූරයින්ගේ කුසලානයට ළං වෙයි




ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (06)  සමත් වුණා. ඒ, නවසීලන්තය සමග පැවති තරගය ලකුණු 87කින් ජය ගනිමින්. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක දී සියල්ලන් දැවී ලකුණු 310ක් රැස් කළා. ජෝ රූට් ලකුණු 64ක් රැස් කළ අතර ඇලෙක්ස් හේල්ස් ලකුණු 56ක් රැස් කළා. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 44 යි පන්දු 03කදී සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 223ක් පමණයි. කේන් විලියම්සන් ලකුණු 87ක් රැස් කළා. පන්දු යැවීමේ දී ලියම් ප්ලන්කට් ලකුණු 55කට කඩුලූ 04ක් බිඳ හෙළුවා.