කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු නිරාකරණය කර ගැනීමට කඩිනමින් සාකච්ඡා අරඹන බව එරට රජය ප්‍රකාශ කර තිබෙනවා. ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා කුවෙට් රාජ්‍යය මැදිහත්වරුවෙකු ලෙස ඉදිරිපත්ව සිටින බවයි ප්‍රකාශ වී ඇත්තේ. කටාර් රාජ්‍යයේ සිටින සියලූම විදේශීය තානාපතිවරුන් ඊයේ එරට විදේශ අමාත්‍යංශය වෙත කැඳවා මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒ එස් පී ලියනගේ ඒ බව අපහා පැවසුවා.
කලාපීය රටවල් 06ක් කටාර් රාජ්‍යය සමග තානාපති සබඳතා අත්හැරීමත් සමග එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින්ගේ ඥාතීන් ද කලබලයට පත්ව සිටියා. එම අවස්ථාවේ එරට පැවති තත්වය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු අනාවරණය කිරීම පිළිබඳ තමන් නෙත් නිවුස් වෙත ස්තූතිය පල කරන බවයි කටාරයේ ශ්‍රී ලංකා තානාපති ඒ එස් පී ලියනගේ වැඩිදුරටත් සඳහන් කළේ.