Thursday, September 19, 2024

General line - 0115112241

සෞඛ්‍ය අමාත්‍යංශයට අලුත් තනතුරක්




සෞඛ්‍ය අමාත්‍යංශයේ මුදල් පාලනය කිරීම සඳහා වෙනම අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු පත් කිරීමට තීරණය කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය රාජිත සේනාරත්න  සඳහන් කළේ සෞඛ්‍ය සේවාව නිසි පරිදි ජනතාවට ලබාදීම හා කඩිනම් කිරීම එහි අරමුණ බවයි. වසර 2020 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක් සෞඛ්‍ය සේවාවට ලබා ගැනීම සිය අරමුණ බවද අමාත්‍ය රජිත සේනාරත්න සඳහන් කළා. ඔහු මෙම අදහස් පල කළේ කළුතර මහ රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ සම සෞඛ්‍ය සහ පරිපූරක වෛද්‍ය උපාධිය සඳහා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව වෙනම පීඨයක් ස්ථාපිත කරන බවයි. විදේශීය රටවලට අවශ්‍ය සෞඛ්‍ය උපාධිධාරීන් බිහි කිරීම ඒ තුළින් සිදු කරන බවද රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.