Thursday, September 19, 2024

General line - 0115112241

අනුරපුරයේ පොලිතීන් හා ප්ලාස්ටික් දහනය කිරීමේ ව්‍යාපෘතිය




සෞඛ්‍යාරක්ෂිතව බැහැර කළ නොහැකි පොලිතීන් හා ප්ලාස්ටික්, දහනය කිරීමේ ව්‍යාපෘතියක් අනුරාධපුරයේ දී අද (07) නිල වශයෙන් ආරම්භ කෙරුණා. අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන සඳහන් කළේ පළමු අදියරේ දී අනුරාධපුර මහ නගර සභාවට එක් රැස් වන කැලි කසල දහනය කිරීම මේ යටතේ සිදු කෙරෙන බවයි.  

මේ අතර කසල දමා පරිසරය අපවිත‍්‍ර නොකරන්නැයි කුසල පතා අනුරාධපුරයට සහ මිහින්තලයට පැමිණෙන සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කෙරෙනවා. විධිමත්ව කසල බැහැර කිරීම සඳහා මහජනතාවට ආදර්ශයක් ලබාදෙන ක‍්‍රියාකාරකමක් නෙත් එෆ් එම් රේඩියෝව ද අනුරාධපුරය සහ මිහින්තලය පුදබිම් කේන්ද්‍ර කර ගනිමින් හෙට ආරම්භ කිරීමට නියමිතයි. ඒ, නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකායේ සිසුන්ගේ සහභාගීත්වයෙන්. මේ, එම වැඩසටහනට එක්වන ගාල්ල හපුගල මහ විද්‍යාලයේ විදුහල්පති මිලින්ද පාඬිකෝරාළ.