Thursday, September 19, 2024

General line - 0115112241

පරිසරය සුරකින නෙත් මෙහෙයුම වැඩ අරඹයි (PHOTOS)




පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් රැසක් තවදුරටත් ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා. 
අද (08) උදෑසන සිටම පූජා නගරය සැදහැවතුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණා.  

පරිසරය සුරැකීමට ජනතාව දිරිමත් කිරීම අරමුණු කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන වැඩසටහන් මාලාව ද අද උදෑසන ආරම්භ වුණා. 

නෙත් නිවුස් කණ්ඩායමේ ද පූර්ණ දායකත්වයෙන් එය සිදු වන්නේ අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින්. 

ඒ සඳහා නෙත් නිවුස් යු ආර් අ ලීඩර් බලකායන්ද සහභාගි වනවා. 

මීට සභභාගි වී සිටින ගාල්ල හපුගල විද්‍යාලයේ සහකාර විදුහල්පතිනි ක‍්‍රිෂාන්තා ගමගේ සඳහන් කළේ සිය පාසලේ සිට දරුවන් 45 දෙනෙකු සහ දෙමව්පියන් ඇතුලුව 54 දෙනෙකු මෙම වැඩසටහනට සහය දැක්වීම සඳහා පැමිණි බවයි. මෙම ක්‍රියාකාරකම් දරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි වැඩි දුරටත් පැවසුනේ.

බියගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් ද මීට එක්ව සිටිනවා. එහි නියෝජ්‍ය විදුහල්පතිනි ප‍්‍රියංගි සිල්වා සඳහන් කළේ මෙම වැඩසටහන දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කෙරෙන අතරම සමාජයට ප්‍රබල පණිවිඩයක්ද ලබා දෙන බවයි.

එහි දී අනුරාධපුරය හා මිහින්තලය පුද බිමට පැමිණෙන සැදැහැවතුන් අවිධිමත් ලෙස බැහැර කරන කසල ඔවුන් ඉදිරියේම එක්රැස් කර එහි සිටින නෙත් කණ්ඩායම විසින් විධිමත් ලෙස බැහැර කිරිම සිදු කෙරෙනවා. 







 









-----------------------------------

පරිසරය සුරකින්න ජනතාව දිරිමත් කරන නෙත් මෙහෙයුම අද ඇරඹෙයි

(2017 - 06 - 08 05:30)

පරිසරය සුරැකීමට ජනතාව දිරිමත් කිරීම අරමුණු කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන වැඩසටහන් මාලාව අද (08) ආරම්භ වනවා.

නෙත් නිවුස් කණ්ඩායමේ පූර්ණ දායකත්වයෙන් එය සිදු වන්නේ අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින්.

අද දිනයේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වන්නේ මිහින්තලය පුදබිමේදීයි.

එහිදී අනුරාධපුරය හා මිහින්තලය පුද බිමට පැමිණෙන සැදැහැවතුන් අවිධිමත් ලෙස බැහැර කරන කසල ඔවුන් ඉදිරියේම එක් රැස් කර එහි සිටින නෙත් කණ්ඩායම විසින් විධිමත් ලෙස බැහැර කිරිම සිදු වනවා. 

මිහින්තලය සහ අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් අද ආරම්භ කෙරෙන මෙම ක‍්‍රියාකාරකම සඳහා නෙත් නිවුස් යු ආර් අ ලීඩර් බලකායන්ද සහභාගි වනවා. 

------------------------------------------

නෙත් කණ්ඩායම හෙට මිහින්තලයේ අලුත් වැඩක 

(2017 - 06 - 07 19:20)

 

පරිසරය සුරැකීමට ජනතාව දිරිමත් කිරීම සඳහා අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන වැඩසටහන් මාලාව හෙට (08) දිනයේ ආරම්භ කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

අනුරාධපුරය හා මිහින්තලය පුද බිමට පැමිණෙන සැදැහැවතුන් අවිධිමත් ලෙස බැහැර කරන කසල ඔවුන් ඉදිරියේම එකතු කර එහි සිටින නෙත් කණ්ඩායම විසින් විධිමත් ලෙස බැහැර කිරිම මෙහිදී සිදු වනවා.

එම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් පළ කළ මිහින්තලය ප‍්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක සඳහන් කළේ නෙත් එෆ් එම් සංවිධානය කර ඇති මෙම ආකල්පමය වෙනස වඩාත් අගය කළ යුතුව ඇති බවයි. 

මිහින්තලය සහ අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් හෙට ආරම්භ කෙරෙන මෙම ක‍්‍රියාකාරකම සඳහා නෙත් නිවුස් යු ආර් අ ලීඩර් බලකායන්ද සහභාගි වනවා. 

මේ අතර පොසොන් සමයේ අනුරාධපුරයට මත්ද්‍රව්‍ය සහ මත්පැන් රැගෙන එන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක‍්‍රියාත්මකයි.

පොලිස් සුනඛයින් ද ඇතුළත් වන පරිදි මාර්ග බාධක 12ක් යොදා ඇති බවයි පොලිසිය පැවසුවේ. 

මේ අතර මෙම වැඩසටහන සඳහා එක්ව සිටින නෙත් එෆ් එම් කණ්ඩායම සහ නෙත් නිවුස් යු ආර් අ ලීඩර් බලකායන් එක්ව අද දිනයේ දන්සලක් ද සංවිධානය කර තිබුණා.