Thursday, September 19, 2024

General line - 0115112241

120 ක් රැගෙන අතුරුදන් වූ යානයේ යැයි සැක කෙරෙන කොටස් මුහුදේ දී නිරීක්ෂණය වෙයි




මියන්මාරයට අයත් අතුරුදන් වූ බව කියූ ගුවන් යානයේ කොටස් යැයි සැක කළ හැකි උපාංග මුහුදු ප්‍රදේශයකදී නිරීක්ෂනය වී ඇති බව එරට වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු තීරයේදී මෙම කොටස් නිරීක්ෂණය වී තිබෙනවා.

මේත් සමගම එම මුහුදු ප්‍රදේශයේ නිරීක්ෂණ මෙහෙයුම් දැඩි කර ඇති බවද සඳහන්.

120 දෙනෙකු රැගත් මෙම ගුවන් යානය අද (07) අතුරුදන් වූ බවට පැවසුවේ ජාත්‍යන්තර වේලාවෙන් රාත්‍රි 7.05ට පමණයි.

එම ගුවන් යානය එරට හමුදාවට අයත් එකක් බවයි වාර්තා වෙන්නේ.

යැංගොං (රැන්ගුන්) සිට දකුණුදිග ප්‍රදේශයක් දක්වා මෙම ගුවන් යානය පියාසර කරමින් තිබියදී මෙම අතුරුදන් වීම සිදුවුණා.

යානය ගුවන් ගත වි සුළු මොහොතකින් යානය සමග තිබූ සියලු සබඳතා බිඳ වැටුණු බවයි එරට ගුවන් හමුදාව වැඩි දුරටත් පවසා තිබුණේ.