Thursday, September 19, 2024

General line - 0115112241

"අඹ ගසක් සෙවණේ පළමුවරට බුදු බණ ඇසූ අපි"




අඹ ගසක් සෙවණේ දී බුදු බණ පළමුවරට ඇසූ ශ‍්‍රාවකයින් ලෙස සිතින්, කයින්, වදනින් සංවරව පරිසරයට යහපත මුදා හරිමින් ලෝකය වඩාත් යහපත් කිරීමට කැපවීම පොසොන් පොහොය දිනයේ සැමගේ අධිෂ්ඨානය විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දේනනේ මිනිසා සොබාදහමට එරෙහිව අසීමිත තෘෂ්ණාවෙන් කරන විෂම ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිපල මිනිසා කෙරෙහිම එල්ල වන බවයි.

පරිසරය සමග සමිප සබඳතාවකින් ජීවත් වීමට බුදු දහම තුළින් දැක්වුණු මග පෙන්වීම සැමදෙනාගේ නිරුපද්‍රිත පැවැත්මේ ප‍්‍රමුඛ සාධකයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

අදට යෙදී තිබෙන පොසොන් පොහොය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වා දෙනවා.