Thursday, September 19, 2024

General line - 0115112241

කටාරයේ සිටින ලාංකිකයින් ගැන විශේෂ වාර්තාවක්




කටාර් රාජ්‍යයේ සිටින ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අමාත්‍යවරු දෙදෙනෙකු පත් කර ඇති බවයි සම කැබිනට් ප‍්‍රකාශකවරුන් වන අමාත්‍ය රාජිත සේනාරත්න හා දයාසිරි ජයසේකර ප‍්‍රකාශ කළේ. 

කටාර් රාජ්‍යයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින් සංඛ්‍යාව එක් ලක්ෂ හතලිස් දහසකට ආසන්නයි.

පසුගිය වසර 02ක කාලයේදී සවුදි අරාබියට පසු ශ‍්‍රී ලාංකික විගමණික සේවකයින් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ කටාර් රාජ්‍යයට බව ද සඳහන්.

කෙසේ වෙතත් කලාපයේ හටගෙන ඇති රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුදය හමුවේ මෙතෙක් කිසිඳු ශ‍්‍රී ලාංකිකයෙකුට බලපෑමක් එල්ල වී නොමැති බවයි විදේශ රැකියා අමාත්‍යංශය පැවසුවේ.