Thursday, September 19, 2024

General line - 0115112241

පිළියන්දල ප්‍රහාරයට අාධාර දුන් තවත් 02ක් දර්ගා නගරයේදී කොටු




පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් පසුගියදා පිළියන්දල ප්‍රදේශයේදී වැටලීමක් සිදු කරමින් සිටියදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් මැයි මස 09 වැනිදා පිළියන්දලදී ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් සිදු කර තිබූ මෙම ප්‍රහාරයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු සහ මාර්ගයේ සිටි කුඩා දැරියක ඝාතනයට ලක් වුණා.

සිද්ධියෙන් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.  

මෙම මැර ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි.

දර්ගා නගරයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් වයස අවුරුදු 34 සහ 27 යන වයස්වල පසුවන්නන් බවද ඔවුන් දර්ගා සහ අහුංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවද අනාවරණය වී තිබෙනවා.