Thursday, September 19, 2024

General line - 0115112241

මියන්මාර ගුවන් යානයේ මගීන්ගේ මළසිරුරු මුහුදේ පාවේ




පුද්ගලයන් 122 දෙනෙකු සමග අතුරුදන් වූ හමුදා ගුවන් යානයේ සුන්බුන් සොයා ගෙන තිබෙනවා.

ඒ, අන්දමන් දුපත් ආශ‍්‍රිත මුහුදු තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදීයි.

සුන්බුන්වලට අමතරව ගුවන් යානයේ ගමන් ගත් බවට සැළකෙන පුද්ගලයින් කිහිපදෙනෙකුගේ මළ සිරුරු ද සොයා ගැණුනා.

යානය තුළ හමුදා සාමාජිකයින් 106ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු ද සිට ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ අදාල ප‍්‍රදේශයේ අයහපත් කාළගුණික තත්ත්වයක් පැවති බවද සඳහන්. 

මියන්මාරයට අයත් මෙම ගුවන් යානය ඊයේ (07) අතුරුදන් වූ බවට පැවසුවේ ජාත්‍යන්තර වේලාවෙන් රාත්‍රි 7.05ට පමණයි.

යැංගොං (රැන්ගුන්) සිට දකුණුදිග ප්‍රදේශයක් දක්වා මෙම ගුවන් යානය පියාසර කරමින් තිබියදී මෙම අතුරුදන් වීම සිදුවුණා.

යානය ගුවන් ගත වි සුළු මොහොතකින් යානය සමග තිබූ සියලු සබඳතා බිඳ වැටුණු බවයි එරට ගුවන් හමුදාව එහිදී වැඩි දුරටත් පවසා තිබුණේ.