Thursday, September 19, 2024

General line - 0115112241

සෙස් බද්දේ අවුල දුරදිග යයි




යෝජිත චීන - ශ‍්‍රී ලංකා ගිවිසුම ක‍්‍රියාත්මක කර වසර 05කින් පසු දැනට ක‍්‍රියාත්මක සෙස් බද්ද ඉවත් කළහොත් එය මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට බලපෑමක් එල්ල කරනු ඇති බවට විවිධ මත පළ වනවා.

ශ‍්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපති තිස්ස සෙනෙවිරත්න සඳහන් කළේ මෙම තීරණය කිසිසේත්ම රටට යෝග්‍ය නොවන බවයි. 

දේශීය ව්‍යාපාරිකයෙකු ද වන ආරියශීල වික‍්‍රමනායක ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාව තුළ කුමන පාර්ශවයක් සිය ව්‍යාපාර ආරම්භ කළ ද එහි වාසිය රටට හිමිවිය යුතු බවයි. 

රටට අගතියක් වන මෙවැනි තීරණ සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග දෙස විමසිල්ලෙන් බලා සිටින බව ශ‍්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපති රංජිත් හෙට්ටිආරච්චි පැවසුවා. 

දැනට ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය වන භාණ්ඩ සඳහා සියයට 25ක සෙස බද්දක් පනවා තිබෙනවා. එය ඉවත් කළහොත් මෙරට සුළු හා මධය  පරිමාණ කරමාන්තකරුවන් සම්පූර්ණයෙන් අගාධයට පත්වන බවයි මෙහිදී වැඩිදුටත් ප‍්‍රකාශ කෙරුණේ.