Thursday, September 19, 2024

General line - 0115112241

"කටාරයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් ගැන අවධානමක් මතුවෙයි"




කටාර් රාජ්‍යයේ හට ගෙන ඇති අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම බලපෑම් එල්ලවන බව සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.

මෙරට සංචාරක කර්මාන්තය එලෙස බලපැමට ලක්වන ක්ෂේත‍්‍රයක් වන බවයි ඔහු කියා සිටියේ. 

කටාර් රාජ්‍යයේ ගුවන් සේවාවන්වලින් ශ්‍රී ලංකාව විශාල මුදලක් උපයමින් සිටි බවද සඳහන් කළා.

මෙරටට එල්ල විය හැකි බලපෑම් අවම කිරිම සඳහා පියවර ගතයුතු බවයි අමාතයවරයා සඳහන් කළේ. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සවයකින් පසුව නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මෙම ගැටලුව දුරදිග ගිය හොත් එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වෙනු ඇති බවයි. එවිට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගැටලුවක් පවා ඇති විය හැකි බව සඳහන් කෙරුණා.

කටාර් රාජ්‍යයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින් සංඛ්‍යාව එක් ලක්ෂ හතලිස් දහසකට ආසන්නයි. පසුගිය වසර 02ක කාලයේදී සවුදි අරාබියට පසු ශ‍්‍රී ලාංකික විගමණික සේවකයින් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ කටාර් රාජ්‍යයට බව ද සඳහන්.

ඉස්ලාම් අන්තවාදයට සහය දෙන බවට චෝදනා කරමින් අරාබිකරයේ රටවල් 06ක් කටාර් රාජ්‍ය සමග පවතින රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා අත්හැරීමට තිරණය කළා. තත්ත්වය සමතයකට පත්කර ගැනීම සඳහා කුවේට් රාජ්‍යයේ එමීර්වරයාගේ නායකත්වයෙන් සාකච්ඡා තවදුරටත් සිදු කෙරෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.