Friday, September 20, 2024

General line - 0115112241

බුදුරුව සහිත ඇඳුමක් ඇඳගත් ඉන්දීය කතක් ත්‍රීමලේ කළඹයි




ත‍්‍රිකුණාමලය උණුදිය උල්පත් බැලිමට බුදු රුව සහිත ඇඳුමක් ඇඳ පැමිණි ඉන්දීය ජාතික කාන්තාවක් හේතුවෙන් ප‍්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, මෙම කාන්තාව දුටු ප‍්‍රදේශවාසීන් පිරිසක් අදාළ කාන්තාවට විරෝධය පළ කිරීමත් සමගයි.

පසුව ති‍්‍රකුණාමලය පොලිසිය විසින් තත්ත්වය සමථයකට පත් කර තිබුණා. කෙසේ වෙතත් මෙම ඉන්දීය ජාතික කාන්තාව පවසා ඇත්තේ බුදු රුව සහිත ඇඳුමක් ඇඳීමෙන් තමන්ට ශ‍්‍රි ලකාවේදි පිළිගැනීමක් ඇති වන බවට තමන් විශ්වාස කළ බවයි. අදාළ ඇඳුම පොලිස් භාරයට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.