Friday, September 20, 2024

General line - 0115112241

අවතැන් සැමට වන්දි ගෙවන්න රජයට පුළුවන්




අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් වූ සියලූ දෙනාට වන්දි ගෙවීමේ ශක්තිය රජය සතු බව ජාතික ප‍්‍රතිපත්ති හාආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ විපතට පත් වූවන් බැංකුවලින් ලබා ගෙන ඇති ණය ගෙවීම සඳහා රුපියල් බිලියන දෙකක් වෙන් කර ඇති බවයි. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (09) අදහස් දක්වමින්.

විවාදයට එක්වෙමින් අදහස් දැක්වු ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා සදහන් කළේ ඉකුත්දා ඇති වූ ගංවතුරෙන් විපතට පත්වූවන්ට ගෙවල් කුළී දීමනාවක් ලබාදීමට කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරන බවයි. හදිසි ආපදාවලට ලක්වන පුද්ගලයන්ට රැුකවරණය සැලසීම සදහා නවීන පහසුකම් සහිත ආපදා මධ්‍යස්ථාන ඉදිකරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.