Friday, September 20, 2024

General line - 0115112241

නෙත් සම්පත් 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ දෙවැන්න අද




නෙත් එෆ් එම් රේඩියෝව, සම්පත් බැංකුවේ පුබුදු හා සපිරි ගිණුම් හා එක්ව සංවිධාන කරන 2017 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ දෙවැන්න වැල්ලවාය, මල්වත්තාවල මහා විද්‍යාලයේදී අද පැවැත්වෙනවා. සම්මන්ත‍්‍රණය උදෑසන 8 ට ආරම්භවීමට නියමිතයි. එය මෙහෙයවනු ලබන්නේ ප‍්‍රවීණ ආචාර්ය සරත් ආනන්ද ගුරු පියාණන් විසින්. සිසුන්ට අමතරව දෙමව්පියන් වෙනුවෙන්ද විශේෂ දේශණ මෙහිදී පැවැත්වෙනවා. එය මෙහෙයවනු ලබන්නේ ප‍්‍රවීණ මාර්ගෝපදේශක සරත් අලවතුර ගුරු පියාණන් විසින්.

සෑම වසරකම පවත්වනු ලබන මෙම සම්මන්ත‍්‍රණ මාලාව යටතේ මෙවර සම්මන්ත‍්‍රණ හතක් පැවැත්වෙනවා. පළමු සම්මන්ත‍්‍රණය ඉකුත්දා පැවැත්වුණේ ගම්පහ, කිරිදිවෙල මධ්‍ය මහා විද්‍යාලයේදීයි. මීට අමතරව රත්නපුර, ගාල්ල, හෝමාගම, මඩකලපුව සහ පොල්ගහවෙල යන ප‍්‍රදේශවලදී සෙසු සම්මන්ත‍්‍රණ පැවැත්වෙනවා.