Friday, September 20, 2024

General line - 0115112241

ජෝන්ගේ බැනිල්ලට කරන්න දෙයක් නෑ - ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති




අමාත්‍ය ජෝන් අමරතුංග විසින් මාධ්‍යවේදින්ට පරුෂ වචනයෙන් බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කලයුතු කිසිවක් නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
 
ඒ අමාත්‍ය ජෝන් අමරතුංග විසින් මාධ්‍යවේදින්ට පරුෂ වචනයෙන් බැන වැදීම සම්බන්ධයෙන් පියවරක් ගන්නේ දැයි නෙත් නිවුස් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගෙන් විමසා සිටි අවස්ථාවේදීය.

අමාත්‍ය ජෝන් අමරතුංගගේ මෙම කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන ඇතුළු දේශපාලනඥයන්ගේද විරෝධය එල්ල වී තිබෙනවා.