Friday, September 20, 2024

General line - 0115112241

ගිලන්රිය අනතුරක! රියැදුරු මරුට




කිලිනොච්චිය රෝහලේ සිට ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට රෝගියෙකු රැගෙන එමින් සිටියදි සිදුවූ රිය අනතුරකින් ගිලන් රථයේ රියදුරා ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා. අද (10) අලූයම මීගමුව, බාල්දි හංදිය අසලදි ගිලන් රථය, මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුවුණා.

අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්වු 44 හැවිරිදි යෝගරත්නම් රාජේන්ද්‍රන් කිලිනොච්චිය ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. අනතුරෙන් ගිලන් රථය පෙරළී ඇති අතර තුවාල ලැබූ එහි සිටි වෛද්‍යවරයා ඇතුළු තිදෙනා මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෝටර් රථයේ රියදුරා බීමත්ව සිට ඇති අතර ඔහු මීගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගැණුනා.