Friday, September 20, 2024

General line - 0115112241

නිලධාරී හිඟය නිසා ආපදා තක්සේරුවට බධා




ගංවතුර සහ නායයෑම්වලින් සිදුවූ හානි පිළිබද තක්සේරු කිරීම මේ වනවිට ගැටලූකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ, එම කටයුත්ත සදහා ප‍්‍රමාණවත් තාක්‍ෂණික නිලධාරීන් පිරිසක් නොසිටීමයි. මෙම තත්ත්වය හේතුවෙන් වන්දි ලබාදීමද ප‍්‍රමාදවීමේ අවදානමකුයි හටගෙන ඇත්තේ.

ඒ අනුව කඩිනමින් කළයුත්තේ තක්සේරු නිලධාරීන් සේවයට බදවා ගැනීම බවයි අමාත්‍ය දයාසිිරි ජයසේකර කියාසිටියේ. ඒ, මාතර ප‍්‍රදේශයේ ගංවතුරට හසුවූ ප‍්‍රදේශවල සිදුකළ නිරීක්‍ෂණ චාරිකාවකින් අනතුරුවයි.