Friday, September 20, 2024

General line - 0115112241

කොටහේනෙන් සහ පිලියන්දලින් කෝටි 02ක කුඩු හසුවෙයි




කොටහේන, ආමර්වීදිය ප‍්‍රදේශයේදී හා පිළියන්දල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 20 කට ආසන්න බව පොලීසිය අද ප‍්‍රකාශ කළා. කොටහේන ආමර්වීදිය ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝග‍්‍රෑම් එකකට අධික ප‍්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි අයෙකු අත්අඩංගුවට ගැණුනා. ඔහුගේ වයස අවුරුදු 34 ක්. සැකකරු ග‍්‍රැන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර හෙරොයින් ග‍්‍රෑම් 567කට අධික ප‍්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පිළියන්දල පි‍්‍රය පෙදෙස ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 40 ක් වු ඇය බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්. මෙම සැකකරු සහ සැකකාරිය මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ වැටලීම් දෙකම සිදුකරනු ලැබුවේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.