Friday, September 20, 2024

General line - 0115112241

මහනුවර වාහන හයකට එකම අනතුරකින් හානි (PHOTOS )




මහනුවර මහියංගණ මාර්ගයේ පල්ලෙකැලේ ප්‍රදේශයේදී අද (10) උදෑසන සිදුවූ අනතුරකින් වාහන හයකට හානි සිදුව තිබෙනවා. මධ්‍යම පළාත් සභාව ඉදිරිපිට දී මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

පුද්ගලික බස් රථයක් තවත් බස් රථයක් පසුකරයාමට උත්සාහ දැරීමේ දී අනතුර සිදුවූ බවයි ඔහු කියා සිටියේ.